දේශීය

බදුල්ලට සති අන්තයේ අතිරේක දුම්රියක්

(UTV | කොළඹ) – කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය.

එම දුම්රිය හෙට (16) සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.20 ට පිටත්ව පසුදින පෙරවරු 5.30 ට බදුල්ලට ළගා වන බවත් එම දුම්රිය අනිද්දා (17) සිට 19 වැනිදා දක්වා බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.30 ට පිටත්ව පසුදින පෙරවරු 5.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේය.

මෙම දුම්රියන්ට අමතරව කොළඹ කොටුවෙන් සහ බදුල්ලෙන් දිනපතා පස්වරුවේ පිටත්වන රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.

Related posts

ජූනි 21 වනදා ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණයක්

Mohamed Dilsad

මුසම්මිල් ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි. – ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහය දෙන බව කියයි.

Editor O

වත්මන් ආණ්ඩුවට ඉන්දන මිල අඩු කරන්න බැරිනම් පැහැදිලිව කියන්න – හිටපු ඇමති පාඨලී චම්පික රණවක්

Editor O

Leave a Comment