දේශීය

ජූනි 21 වනදා ශ්‍රී ලංකාවට සූර්යග්‍රහණයක්

(UTV | කොළඹ) –  2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණයක් ජුනි 21 ද දිස්වන අතර , ලංකාවේ අපට එය දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසටයි.

නැවතත් සූර්යග්‍රහණයක් අපට දැකබලාගත හැකිවනුයේ 2022 ඔක්තෝබර් 22 දාය.

දින 30 ඇතුළත ග්‍රහණ තුනක් එනම් චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදාවී ඇත.

සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ  සහ  වේලාවන්

මෙම වළයාකාර  සූර්යග්‍රහණය ජුනි 21 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට උදේ වරුවේ ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සවුදි අරාබිය, ඕමානය, පාකිස්තානය, ඉන්දියාව, චීනය සහ තායිවානය වෙත ගමන් කර, දකුණු පැසිෆික් සාගරයේ දී එය සවස් වරුවේ අවසන් වේ.

2020  ජුනි 21  ​​වන දින කොළඹ නගරයට පෙ.ව. 10.29  පමණ සිට ප.ව. 01.19  පමණ කාලය තුළ පැය දෙකකුත් විනාඩි පනහකට ආසන්න කාලයක් තුල  මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙ.ව. 11.51 වන විට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 30% ක පමණ ප්‍රමාණයක්  ආවරණය වනු ඇත.

ලංකාවේ විවිධ ප්‍රදේශ වලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව ආරම්භය සහ අවසානය දිස්වේ.

උදාහරණයක් ලෙස යාපනයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.24 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.54 සහ ග්‍රහණ අවසානය ප.ව. 1.30 ට සිදු වන අතර මාතර නගරයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.34 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.53  සහ ග්‍රහණ අවසානය ප.ව. 1.17 ට සිදුවනු ඇත.

ග්‍රහනයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියෙවි ඇසින් බැලීමෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකිය.

 

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

තවත් ප්‍රබල භූකම්පනයක්

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර 10ක් අද (14) අවලංගුයි. සේවකයන් නැහැ.

Editor O

Leave a Comment