දේශීය

තවත් ප්‍රබල භූකම්පනයක්

උතුරු ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් සිදුව තිබේ.

 

විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ එම භූකම්පනය හටගෙන ඇති බවය.

 

එම කම්පනය පාකිස්තානයේ උතුරු ප්‍රදේශයටද දැනී ඇති අතර නිවසක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර භූකම්පනයෙන් තවත් 300ක් පමණ දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

 

භූකම්පනයෙන් ඇෆ්ගනිස්තානයට සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

 

මෙහි කම්පනය ඉන්දියාවට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ලංවීම සේවකයෝ 2200ක් ඉල්ලා අස්වීමට සූදානම්

Editor O

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව විශ්වාසභංගයක් …?

Editor O

Leave a Comment