දේශීය

ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට යුරෝපා සංගමයෙන් ආධාරයක්

(UTV | කොළඹ) – මෙරට තිරසාර කාර්මික සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 23කට ආසන්න මූල්‍යාධාරයක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය Rene Van Berkel පැවසුවේ ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 22.83 ක් සහ යුරෝ මිලියන 18.75ක් මෙරටට ලබාදී ඇති බවය.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

මෙම මූල්‍යාධාර මෙරට කාර්මික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම, බලශක්ති කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්ති වැනි අංශයන් හි සංවර්ධනය සඳහා වෙන් කර ඇති බව සඳහන්ව ඇත.

Related posts

සුරා බදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස උදය කුමාර පෙරේරා පත්කරයි.

Editor O

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට කුෂානි රෝහණධීර

Mohamed Dilsad

මිලේනියම් සිටි නඩුවේ, මහනුවර සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ සියලු චෝදනාවලින් නිදහස් කරයි

Editor O

Leave a Comment