දේශීය

කොල්ලුපිටියේදී සිදු වූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවත් ප්‍රමාද වෙයි

(UTV | කොළඹ) – දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබෙනවා.

කොල්ලුපිටිය ආසන්නයේදී මෙලෙස පීලිපැනීමට ලක්වූයේ ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදීයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි. දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් ඇති බවත් එම කටයුතු තවත් ප්‍රමාද වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විමල්ගේ පුත්තලම මන්ත්‍රීගේ සහාය රනිල්ට

Editor O

ජනතාවගේ දුෂ්කරතා අවම කිරීමට රජයෙන් දීමනා

Mohamed Dilsad

ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment