දේශීය

ජනතාවගේ දුෂ්කරතා අවම කිරීමට රජයෙන් දීමනා

(UTV |කොළඹ ) – රජය විසින් කොරෝනා ව්‍යාප්තියත් සමඟ අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට රුපියල් 5000 ක සහන දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

ඔවුන් මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා අවම කිරීම වෙනුවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

අත්‍යවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක බලකායට අදාළ දීමනාව ලබාදෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.

වැඩිහිටි දීමනාලාභීන් හෝ ඒ සඳහා පොරොත්තු ලේඛනවල රැඳී සිටින්නන්, ආබාධිත දීමනාලාභීන් සහ ඒ සඳහා පොරොත්තු ලේඛනවල රැඳී සිටින්නන්, ගොවි රක්ෂණය සඳහා , ලියාපදිංචි ගොවීන්, වකුගඩු රෝගී දීමනාලාභීන් සහ ඒ සඳහා පොරොත්තු ලේඛනවල රැඳී සිටින්නන් සහ සමෘද්ධිලාභීන්ට එම දීමනාව හිමි වේ.

Related posts

දුම්වැටියක මිල ඉහළට

Mohamed Dilsad

නව බදු ප්‍රතිපත්තිය ගැන ජනාධිපතිවරයා හා වෘත්තියවේදීන් අතර සාකච්ඡාවකට දින නියම වෙයි

Mohamed Dilsad

හොරෙන් එංගලන්තය ට ගොස් හසුවුණොත් රුවන්ඩාවට

Mohamed Dilsad

Leave a Comment