දේශීයව්‍යාපාරික

තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

(UTV | කොළඹ ) – ඊයේ (17) රැස්වු කැබිනට් මණ්ඩලයේ දී ගත් තීරණයක් මත තේ අපනයනය මත පනවා ඇති තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදු වූ අභියෝග රැසකි.

ඒ අතර තේ කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, බොහෝ තේ ආනයනය කරන රටවල මිලදී ගැනීමේ හැකියාව සාපේක්ෂව අඩුවීම, සැපයුම්දාම කළමනාකරණයේ ගැටලු සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ස්ථාවරව පවත්වා ගැනීම ප්‍රධාන වේ.

මෙකී දුෂ්කරතාවයන් හමුවේ තේ කර්මාන්තය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය සහනයක් ලෙස, අපනයනය කරනු ලබන සෑම තේ කිලෝග්‍රෑමයක් මත ලියාපදිංචි අපනයනකරුවන්ගෙන් දැනට අය කරනු ලබන රුපියල් 3.50ක තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 06ක කාලයකට තාවකාලිකව අත්හිටවනු ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කර තිබේ.

Related posts

ගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

තවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..

Mohamed Dilsad

Leave a Comment