දේශීය

විශේෂ පොලිස් මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – පොලීසිය විසින් බස්නාහිර පළාත තුල සිදුකල විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 402 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කලේ ඊයේ (17) පෙරවරු 06 සිට අද (18) පෙරවරු 05 දක්වා කාලය තුල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කල බවයි.

මෙම මෙහෙයුමේදී වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබාගැනීමේ චෝදනාවට අදාලවයි.

එම සංඛ්‍යාව 158 ක් වන අතර ගංජා ලග තබාගත් සැකකරුවන් 95 දෙනෙක්ද මේ අතර වේ.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝඩා , අයිස් , හා නීති විරෝධි මත්පැන් ලග තබා ගැනිමේ චෝදනා යටතේයි.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

Editor O

තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනේ [UPDATE]

Mohamed Dilsad

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment