Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විජේරාමයේ පිහිටි නිල නිවස ලබාදීමට යහපාලන රජය අනුමැතිය ලබාදුන් රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ තමන්ද සහභාගි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවකදී හෙළිදරව් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ අමාරි හෝටලයේ පැවති මෙම හමුවට රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව වජිර අබේවර්ධන, සාගල රත්නායක, උදය ගම්මන්පිල, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල, කාංචන විජේසේකර, සුගීෂ්වර බණ්ඩාර සහ ප්‍රේමනාත් දොලවත්ත ආදී මැති ඇමැති සහ පක්ෂ නායකයන් පිරිසක්ද එක්ව සිටියහ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස ලබාදීමට නීතියෙන් රජය බැඳී සිටින බවය. වත්මන් ජනාධිපතිවරයාද සහභාගි වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂට නිල නිවස ලබාදීමට ගත් තීන්දුව නීත්‍යානුකූල බවය.

Related posts

இன்று முதல் சாதாரணத்தரப்பரீட்சை பெறுபேற்றின் உறுதிப்படுத்தப்பட்ட சான்றிதழ் வழங்கும் நடவடிக்கை ஆரம்பம்…

Mohamed Dilsad

Pakistan awards prestigious Jinnah Scholarships to 170 Sri Lankan students

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ දින 180 සම්පූර්ණ කල සේවකයින්ට ස්ථිර පත්වීම්

Mohamed Dilsad

Leave a Comment