Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ අතිමහත් බහුතරයක් ජනතාව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවත් අදටත්, රටේ දුප්පත්කම පිළිබඳව නිවැරදි නිර්වචනයක් හෝ නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ වරකාපොල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදීය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. ආර්ථික දුෂ්කරතාවකට වැටී තිබෙන අපේ රට, අමාරුවෙන් ජීවිතය ගත කරන අතිමහත් බහුතරයක් ජීවත් වෙන අපේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නට ඕනෙ. අතමිට සරු ජන සමාජයක් අපි නිර්මාණය කරන්නට ඕනෙ. ශක්තිමත් ජීවනෝපායන් නිර්මාණය කරලා ගම් නගර හදා අපි රට හදන්නට ඕනෙ. දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ එක පාර්ශ්වයකට, එක පක්ෂයකට සම්බන්ධ ජන කොටස් නෙවෙයි. අදටත් අපේ රටේ නිවැරදි නිර්වචනයක් නැහැ දුප්පත්කම පිළිබඳව. එවන් තත්වයක් තුළ කොහොමද දුප්පත්කමෙන් මුදවාගැනීම සඳහා සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද ? නිවැරදි විද්‍යාත්මක දත්ත නොමැතිව එවන් ප්‍රතිපත්ති සම්පාදනයක් කවුරු ආණ්ඩු බලයේ හිටියත් ක්‍රියාත්මක කරන්නට බැහැ. වැටිලා තියෙන රට අපි ගොඩගන්නට ඕනෙ. ඒ ගොඩනැගීම සඳහා අපි හැමෝටම වගකීමක් තිබෙනවා. ගමේ පන්සල, පූජනීය සිද්ධස්ථානය කේන්ද්‍ර කරගෙන, දුකින් පෙළෙන ජනතාව සුවපත් කරන්නට ඔබ අප සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන වැඩ කටයුතු කරමු” යැයි ද කීවේය.

Related posts

Ukrainian arrested with Rs. 20 million worth gold at BIA

Mohamed Dilsad

கொழும்பு துறைமுகத்தில் ஐஸ் ரக போதைப்பொருள் மீட்பு

Mohamed Dilsad

අසේල සම්පත් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment