දේශීය

ගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවේ

(UTV |ගම්පහ) – පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කිරිඳවැල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ බව පොලිසිය පවසයි.

බස්නාහිර, උතුර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගනු ලැබීය.

සැකකරු කිරිඳිවැල, මයිලවලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු හංවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබේ.

සැකකරු මීට පෙර ගුවන් හමුදාවේ සේවය කර ඉන් ඉවත් වී ඇති අතර, කිරිඳිවැල, වරකාපොළ, කෑගල්ල, ගනේමුල්ල, අලව්ව යන පොලිස් ස්ථානවල විභාග වන අපරාධ නඩු රැසකට සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.

Related posts

අරගලකරුවන්ට පණිවිඩයක්

Mohamed Dilsad

අතුරුගිරිය වෙඩි තැබීමේ, තුවක්කුකරුවන් පැමිණි වාහනය හමුවෙයි.

Editor O

මේ වසරේ විශ්ව විද්‍යාල සඳහා හතලිස් දහසක් බඳවා ගැනේ

Mohamed Dilsad

Leave a Comment