දේශීය

රාජ්‍ය සේවක වැටුප මත ණය මුදල් අය කිරීම අත්හිටුවයි

(UTV |කොළඹ ) – ප්‍රකාශයට පත්කර ඇති සහන ක්‍රියාවලිය යටතේ රජයේ සේවකයන්ගේ වැටුප මත ණය මුදල් අය කිරීම, නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබේ.

ගැබිනි මව්වරුන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ලබාදෙන ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවස්වලට සෘජුව සපයනු ඇත.

සියලු විශ්‍රාමිකයින්ට සාමාන්‍ය පරිදි විශ්‍රාම වැටුප් ගෙවන බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

මේ යටතේ ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, මෝටර් රථ ඇතුළු ස්වයං රැකියාලාභීන්ට කල් බදු වාරික සඳහා සහන සැලසෙනු ඇත.

ඊට අමතරව පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන සලසන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාවට අදාළ සහන ලබාදීම සිදු කෙරෙනු ඇත.

Related posts

ආසියානු කුසලාන, ශ්‍රී ලංකාව සහ බංගලදේශය අතර 20-20 පළමු තරඟය අද

Editor O

ජංගම දුරකථන සංඥා කුළුණු 50ක් අලුතින් ඉදිකිරීමේ සැලසුමක්

Editor O

වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි සුළු සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment