දේශීය

ගර්භණී කාන්තාවන්ට එන්නත්කරණය ඇරඹේ

(UTV | කොළඹ) – ගර්භණී කාන්තාවන් වෙනුවෙන් “සයිනොෆාම්” එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (09) උදෑසන ආරම්භ කර තිබේනවා.

ඒ වයස අවුරුදු 35 ඉක්මවූ විවිධ සංකූලතා සහිත ගැබිනි කාන්තාවන් 35 දෙනෙකු සඳහාය.

එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් එම එන්නත්කරණ වැඩසටහන ඉදිරීයේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.

කොවිඩ් වැලඳීම හේතුවෙන් ගැබිනි කාන්තාවන් 8 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඒ අනුව නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිතය.

Related posts

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය රාජකාරිවල නිරතවූවන් හට හෙට සිට නව කොන්දේසියක්

Mohamed Dilsad

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment