ගොසිප්

මුහුදු මාළු ආහාරයට සුදුසුයි – නැව ගිනි ගැනීමේ බලපෑමක් නැහැ

(UTV | කොළඹ) – මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.   

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතුවීමත් සමග ඇතැම් පාර්ශ්ව මත්ස්‍ය පරිභෝජනය නුසුදුසු බවට විවිධ ප්‍රකාශ සිදුකරමින් පවතියි.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තාවන්ට අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු හත් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

 

Related posts

අලුත් පක්ෂයකට සියලු කටයුතු සූදානම් බව වෙල්ගම කියයි

Mohamed Dilsad

ළමා අපයෝජනයක් සිදුකළ කොළඹ සහකාර විදුහල්පතිවරයෙකු අල්ලයි

Mohamed Dilsad

ශ්‍රී ලනිපයෙන් තනිව තරග කරන අය රාජපක්ෂවරුන් ගැන කියූ දේ [LETTER]

Mohamed Dilsad

Leave a Comment