දේශීය

රජයේ රස පරීක්ෂකවරයා සහ පොලිස් කණ්ඩායමක් අද පර්ල් නෞකාවට

(UTV | කොළඹ) – අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඊයේ දිනයේදී වෙළද නැව් සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.   

මේ අතර නැවේ කපිතාන්වරයා සහ නැවේ මව් සමාගමත් දේශීය නියෝජිතයත් අතර සිදුවූ විද්‍යුත් තැපෑල පණිවිඩ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අධ්‍යයනයක් කර ඒවා ලබා ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අප්‍රේල් 27 වන දින සිට මේ දක්වා කාලය තුළ එලෙස පාර්ශ්වයන් අතර හුවමාරු වී ඇති තොරතුරු ඊට ඇතුළත්ය.

අද දිනයේ කාලගුණය යහපත් වුවහොත් පොලිස් කණ්ඩායමක් නෞකාවට පිවිසීමට අපේක්ෂා කරන බවත්, විමර්ශන නිලධාරීන් අද දිනයේදී එම නෞකාව නිරීක්ෂණය කිරීමට යෑමට බලාපොරොත්තු වන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට රජයේ රස පරීක්ෂකවරයා හෝ ඔහුගේ නියෝජිතයෙකු එක්වීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

දැදුරු ඔය ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

අගෝස්තු 10 න් පසු පාසල් පැවැත්වෙන අයුරු [RELEASE]

Mohamed Dilsad

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

Leave a Comment