ගොසිප්

ගෝඨාභය රජුගේ කාලය තුළත් රටේ දුර්භික්ෂ හා වසංගත ඇති වුණා

(UTV | කොළඹ) – ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා “ගැසට්” ගැසී⁣ම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.   

අනුරාධපුර යුගයේ ගෝඨාභය රජ කාලය මෙන්ම වර්තමාන පාලනය ද ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව කී රංගේ බණ්ඩාර මහතා මෙම අවස්ථාවේ රට ගොඩනගන්නට ලෝකය පිළිගත් පළපුරුදු නායකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බවද සඳහන් කළේය.

“සිරිසඟබෝ රජුගෙන් අනතුරුව අනුරාධපුර යුගයේ මේ රට පත් වූ අභාග්‍යසම්පන්නම රජු වන්නේ ගෝඨාභය රජතුමායි. මේ ගෝඨාභය රජුගේ කාලපරිච්ඡේදය තුළ රටේ දුර්භික්ෂ හා වසංගත ඇති වුණා. අසාධාරණය රජ වුණා. අධාර්මික පාලන යුගයක් ඇතිවුණා. දූෂණය ඉහවහා ගියා. එමෙන්ම මිනිසුන්ගේ සිත් දූෂණය වුණා. රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණා. සිරිසඟබෝ රජුගේ හිස ගෙනත් දෙන්නැයි කළ නියෝගය අනුව නොයෙක් අය එකිනෙකා මරා හිස් ගෙනෙන්නට පටන් ගත්තා. එමගින් මුදල් උපයන්න උත්සහ කළා. ඉතිහාසයේ ගෝඨාභය යුගයේ අපට මුහුණ දෙන්නට වූයේත් මෙවැනි ව්‍යාකූල යුගයකටයි”යනුවෙන්ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වහාම වළකින්න

Mohamed Dilsad

සත්‍යය ජය ගනීවි – ශිල්පා ෂෙට්ටි

Mohamed Dilsad

අලුත් දරුවාට කරිනා නමක් තියෙලා

Mohamed Dilsad

Leave a Comment