දේශීය

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනපති උපදෙස්

(UTV | කොළඹ) – කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරිණ.   

ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.

ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

Related posts

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩි කිරීම ගැන සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.

Editor O

දිනකට පස් දෙනෙක් මොලොව හැර යන ලෙඩේ…..

Editor O

Leave a Comment