ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ගේ නම දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්මාන උළෙලටත්

(UTV | දකුණු අප්‍රිකාව) – වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර හිමි කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියා (Anrich Nortje) සමත් විය.   

ඒ, ඊයේ (31) පැවැති දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතථ්‍ය (virtually) වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දීයි.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට අමතරව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ගේ ක්‍රීඩකයා සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩකයා (ඒඩ්න් මාක්‍රම් සමග සම ජයග්‍රහනයකි) යන සම්මාන ද අන්රිච් නොකියා විසින් දිනාගනු ලැබීය.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ රසී වැන් ඩර් ඩුසේන්.

අයි.සී.සී 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ රැදී සිටින ටබ්රයිස් ශම්සි වසරේ ජාත්‍යන්තර 20යි 20 ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාව සමග ජොහැනස්බර්ග්හි පැවැති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කුසල් මෙන්ඩිස් දවා ගැනීම සදහා වියාන් මුල්ඩර් යොමු කළ පන්දුව වසරේ පන්දුව (The CSA Delivery of the year) ලෙසට සම්මාන හිමිකර ගත්හ.

වසරේ නැගී එන ක්‍රීඩකයාට (Newcomer of the year) හිමි සම්මානය ජෝර්ජ් ලින්ඩේ විසින් දිනා ගත්තේය.

Related posts

රටේ ක්‍රීඩාව ආරක්ෂා කිරීම සියලු ක්‍රීඩකයන්ගේ වගකීමක්- ඇමති අර්ජුන කියයි(වීඩියෝ)

Mohamed Dilsad

දෙවැනි තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

හිරුණි නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment