Trending Newsඑසැන පුවත්දේශීය

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩි කිරීම ගැන සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.

ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලියෙන් අයකෙරෙන රැඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩිකිරීම පිළිබඳව සමගි ජන බලවේගය විරෝධය පළකරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ 23දා පැවැති මාධ්‍ය හමුවකදී නලින් බණ්ඩාර මහතා ඒ බව සඳහන් කළේය.

‘එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේ ද කීවේය. “මොවුන්ගෙ තව මැතිවරණ පොරොන්දුවක් තමයි විශ්‍රාමිකයින්ට ස්ථාවර තැන්පතු සඳහා වැඩි පොලියක් ලබාදෙන්න කටයුතු කිරීම. හැබැයි දැන් ලැබුණු පොලියත් අඩුවෙලා. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වන පොලිය අඩුවෙලා විතරක් නෙවෙයි අද රැඳවුම් බද්ද 5% ඉඳන් 10% දක්වා වැඩිවෙලා. විශේෂයෙන්ම තමන්ට ඡන්දය දුන්නු විශ්‍රාමිකයා, මධ්‍යම පාන්තිකයා, රජයේ සේවකයා, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වෙලා තමන්ට ලැබුණු පාරිතෝෂිකය මත ජීවත්වෙන විශාල පිරිසකගේ පොලියට 5% ක්වූ රැඳවුම් බද්ද 10%ක් කිරීම ඉතාම අසාධාරණයි. ගොඩක් අය ඉන්නෙ මාසෙකට රුපියල් 20,000 – 30,000ක් පොලිය ගන්න අය. ඉතින් ඒකෙන් 10%ක් රැඳවුම් බද්ද විදියට බැංකුවෙන් කපාගත්තාම අනිවාර්යයෙන් ඒ ජනතාවට ඒක ඉතාම අසාධාරණයක්. ඒක නැවත ක්ලේම් කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යනවා කියන්නෙ තවත් 10%ක් – 15%ක් තමන්ගෙ සාක්කුවට තට්ටු වෙන එක විතරයි. ඒ නිසා අපි දන්නවා ඉතිහාසයේ ඔය රැඳවුම් බද්ද ආයෙ ගන්න පුළුවන් බද්දක් නෙවෙයි. ඒ රැඳවුම් බද්දෙන් යම් කොටසක් ගන්නවා නම් 1% – 2%ක් තමයි ඒ රැඳවුම් බද්ද ක්ලේම් කරලා ආයෙ අරගෙන තියෙන්නෙ. ඒ නිසා 10%ක රැඳවුම් බද්ද මාලිමාවට ඡන්දය දුන්නු අර්ධ නාගරික, නාගරික විශ්‍රාමික ජනතාවට දුන්නු අතුල් පහරක් විදියට තමයි අපි දකින්නෙ. ඒ නිසා අපේ විරෝධය පළකරනවා මේ රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩිකිරීම පිළිබඳව”

Related posts

Visa issue forces Man Utd’s Sanchez to miss start of US tour

Mohamed Dilsad

லண்டனில் பிரம்மாண்ட இசை நிகழ்ச்சி நடத்தும் அனிருத்

Mohamed Dilsad

பாகிஸ்தான் அணியின் சிரேஷ்ட வீரருக்கு பந்துவீச தடை

Mohamed Dilsad

Leave a Comment