දේශීය

ජංගම වෙළෙඳ රථ නාවොත් 1965 ට දැනුම් දෙන්න

(UTV| කොළඹ) – සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළෙඳ රථ නිසියාකාරව නොපැමිණෙන්නේ නම් එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය මහජන විමසීම් සඳහා අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක 1965 කෙටි පණිවුඩ අංශයට දැනුම් දෙන ලෙස ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.   

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම රථවලට සියලු ම අතුරු මාර්ග ආවරණය වන ලෙසට ගමන් කරලීමට කටයුතු කරන ලෙසට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්දීම් සිදුකර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර, ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනයන ජංගම වෙළෙඳ රථ සඳහා භාණ්ඩ ලබා ගැනීමට මැයි මස 30 සහ මැයි 31 යන දින දෙකේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය නාමල් රාජපක්‍ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ඉන්දියානු ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට

Editor O

අර්චුනා රාමනාදන්, යළි ආරවුලක් ඇති කරගෙන

Editor O

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment