ක්‍රීඩා

මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාරදුන් 03 දෙනෙකු තමන් එම තනතුරු සඳහා තරග නොකරන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුනුයි එලෙස නිලවරණයෙන් ඉවත්වී ඇත්තේ.

ඔවුන් පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතයි.

Related posts

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

ඉන්දියාවට ලකුණු 36 ක ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරෙයි..

Mohamed Dilsad

Leave a Comment