ක්‍රීඩා

මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග ක්‍රිකට් නිලවරණයෙන් ඉවතට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාරදුන් 03 දෙනෙකු තමන් එම තනතුරු සඳහා තරග නොකරන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කේ. මතිවානන්, බන්දුල වර්ණපුර සහ නිශාන්ත රණතුංග යන මහත්වරුනුයි එලෙස නිලවරණයෙන් ඉවත්වී ඇත්තේ.

ඔවුන් පිළිවෙලින් සභාපති, නියෝජ්‍ය සභාපති සහ ලේකම් ධූර සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ කමිටුව වෙත ලිපියක් යවමින් ඔවුන් සිය ස්ථාවරය දන්වා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතයි.

Related posts

කොරෝනා සටනට සන්රයිසස් හිමිකරුවන්ගෙන් කෝටි 30 ක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

Editor O

Leave a Comment