ක්‍රීඩා

මොහොමඩ් නබී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සුදානම්

(UTV| ඇෆ්ගනිස්තානය) – ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් නබී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

34 හැවිරිදි ඔහු තමන්ගේ සමුගැනීම ප්‍රකාශයට පත්කරමින් මොහොමඩ් නබී සදහන්කර ඇත්තේ මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරගය සිය අවසන් ටෙස්ට් තරගය වන බවයි.

නබී ජාත්‍යන්තර ටෙස්ට් තරඟ තුනකට පමණක් සහභාගී වී ඇති අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු ටෙස්ට් තරගය වන ඉන්දියාවට එරෙහිව පැවති තරගය ද ඔහු නියෝජනය කරනු ලැබීය.

තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව සදහන් කර ඇති මොහොමඩ් නබී එක්දින සහ 20/20 තරග සදහා තවදුරටත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත් තමන්ගේ සමුගැනීමත් සමග ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔලිම්පික් ගම්මානය 13දා විවෘත කරයි

Mohamed Dilsad

දිවයිනට පැමිණි ජයග්‍රාහි ටෙස්ට් ක්‍රීඩකයින් පිළිගත් අයුරු(ඡායාරූප)

Mohamed Dilsad

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 90 ක් පසු පසින්

Mohamed Dilsad

Leave a Comment