ක්‍රීඩා

ඔලිම්පික් ගම්මානය 13දා විවෘත කරයි

ටෝකියෝ ඔලිම්පික් ගම්මානය ලබන මස 13 වැනිදා නිල වශයෙන් විවෘත කරන බව සංවිධායකයෝ පවසති. හෙක්ටයාර් 44 ක විශාලත්වයෙන් යුත් ගම්මානය කලාප 3කට බෙදා ඇති අතර මෙහෙයුම් කලාපය, නේවාසික කලාපය හා අවන්හල් කලාපය ලෙස බෙදා ඇත. ටෝකියෝ ඔලිම්පික් නිමාවූ පසු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ ආරම්භවන හෙයින් ඒ සඳහා විශේෂ අවශ්‍යතා ඇති කලාපයක් ද ගම්මානයට එක් කෙරේ. අවන්හල් පිහිටි ප්‍රදේශයේ බැංකු කටයුතු, තැපැල් කාර්යාල හා සාමාන්‍ය වෙළෙදසැල් ද පිහිටා ඇත.

මෙම ගම්මානය මාධ්‍යවේදින්ට විවෘත කෙරුණු අතර නේවාසික කලාපයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහ කාර්ය මණ්ඩලයේ 18000කට නවාතැන් සැපයේ. වර්තමානයේ ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් වෙනම විශේෂ බාහිර රෝගි මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.

ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ගොඩනැගිලි ජපානයේ නගර සභා වලින් ඉවත දැමු දැව කැබිලි හතලිස් දහසකින් නිර්මාණය කොට ඇති බව පැවැසේ. ක්‍රීඩා උලෙළේ පදක්කම් නිර්මාණය කර ඇත්තේ ඉවත දැමු ජංගම දුරකථන උපාංග හා ටින් කැබලි උපයෝගී කොට ගෙනය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන්නන්ට තරඟයට දින 5 කට පෙර ඔලිම්පික් ගම්මානයට ඇතුළුවිය හැක.

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා ඉසව් පැවැත්වීම සඳහා ක්‍රීඩා පිටි 42 ක් මේ වන විට සූදානමින් පවතී. ඔලිම්පික් ක්‍රීඩාංගණය නමින් ද හඳුන්වනු ලබන ටෝකියෝහි නව ජාතික ක්‍රීඩාංගණයේ මලල ක්‍රීඩා ඉසව් පැවැත්වේ. ජාතික ඔලිම්පික් කමිටු 206 ක් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස දහසක් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Related posts

ලාරා මුරලි ගැන කියූ කතාව..

Mohamed Dilsad

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේ

Mohamed Dilsad

ඔලිම්පික් තරඟ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළ් කරගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment