ක්‍රීඩා

කේශාව් මහරාජ් ගෙන් කඩුලු ත්‍රිත්වයක් – දකුණු අප්‍රිකාවට පහසු ජයක්

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 158ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරඟාවලිය 2-0 ක් ජයගැනීමට ඩීන් එල්ගාර් ගේ කණ්ඩායම ට හැකියාව ලැබුණි.

ඔවුන් විදෙස් රටකදී ටෙස්ට් තරඟාවලි ජයක් වාර්තා කළේ වසර 4කට පසුව වීම විශේෂත්වයකි. පන්දුවෙන් දස්කම් පෑ, කේශාව් මහරාජ් කඩුලු 5ක් දවාගත් අතර ඊට හැට්‍රික් එකක්ද අයත් විණි.

ටෙස්ට් තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් (Hat-trick) දවාගත් දෙවැනි ක්‍රීඩකයා මහරාජ් වේ.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 298ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස බ ඉ කො කණ්ඩායම රැස්කළ ලකුණු ගණන 149කි.

සංචාරක කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 174ක් රැස්කළ අතර ලකුණු 324ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බ ඉ කොදෙව්වෝ සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළේ කඩුලු 9ක් දැවී 165ක් පමණි.

තුවාල ලබා සිටි රොස්ටන් චේස් පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ නැත.

Related posts

සුරේෂ් රයිනාට යළි ක්‍රීඩා කළ හැකි කවදාද?

Mohamed Dilsad

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

Leave a Comment