විදෙස්

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

ඉන්දියාවෙන් පළමුවරට හඳුනාගත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 92කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ.

එම සංවිධානයේ තාක්ෂණික අංශ ප්‍රධානී මාරියා වෑන් ප්‍රකාශ කර ඇත්තේ රටවල් 92 දෙකක් තුළ ඩෙල්ටා වෛරසය සක්‍රීයව පවතින බවට තොරතුරු වාර්තා වන බවය.

දැනට භාවිතයේ පවතින එන්නත් මඟින් එම වෛරස ප්‍රභේද ආසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම සහ මරණයට පත්වීම වළක්වා ගැනීමේ හැකියාව පවතින බව මාරියා වෑන් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 වෛරස ප්‍රභේද වර්ගීකරණයට අනුව දැඩි සැළකිල්ලක් දැක්විය යුතු වෛරස ප්‍රභේදයක් ලෙස ඩෙල්ටා කොවිඩ් වෛරසය හඳුන්වා දී තිබේ.

Related posts

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුට

Mohamed Dilsad

ජපාන අධිරාජ්‍ය කිරුල අත්හැරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment