විදෙස්

ජපාන අධිරාජ්‍ය කිරුල අත්හැරීමට සුදානම්

(UTV|ජපානය) –  අද ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා අද සිය කිරුල අත්හැරීමට සුදානමින් සිටී.

ජීවතුන් අතර සිටියදී මෙලෙස ජපාන අධිරාජ්‍යයෙකු කිරුල අත්හරින්නේ වසර 200කට පමණ පසු බව ජපාන මාධ්‍ය වාර්තා පවසයි.

85 හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා සිය 59 හැවිරිදි පුත් නරුහිතෝ කුමරු වෙත කිරුළ භාර දීම සඳහා මෙලෙස කිරුල අත්හරිනු ඇත.

ඒ සඳහා අද සිට ජපානයේ දින 10ක නිවාඩු කාලයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

ජපාන ජනතාව සාමාන්‍යයෙන් වැඩ කිරීමට වැඩි කැමැත්තක් දක්වන නිසා ජනතාවට අසාමන්‍ය අත්දැකීමක් ලෙසින්.

අකිහිතෝ අධිරාජ්‍යයා, නරුහිතෝ කුමරු වෙත කිරුළ පැළඳවීමේ උත්සවය වඩාත්ම චිත්කාකර්ශනීය ජපාන අධිරාජ්‍ය මැදුරක ජපාන වේලාවෙන් අද පස්වරු 5ට සිදුකිරීමට නියමිතයි.

නරුහිතෝ කුමරු අධිරාජ්‍යයා බවට පත්වීමෙන් රෙයිවා ලෙස නම් කෙරුණු ජපානයේ නව රජ පෙළපත ආරම්භ වනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයි

Mohamed Dilsad

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් අද ඇරඹේ

Mohamed Dilsad

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

Mohamed Dilsad

Leave a Comment