විදෙස්

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුරබායා ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් වාර්තාවී නොමැත.

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඊයේ බෝම්බ පිපිරීම් මාලාවක් සිදු විය.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් භාරගත් අතර, අද සිදුවූ පිපිරීමද අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සැක කරනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇලෙප්පෝහි මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්,42 දෙනෙක් මරුට

Mohamed Dilsad

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

Mohamed Dilsad

ඕමාන් මහා බැංකුව අනතුරු අඟවයි.

Mohamed Dilsad

Leave a Comment