විදෙස්

ඇලෙප්පෝහි මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාරයක්,42 දෙනෙක් මරුට

(උදයම්,සිරියාව)  –  උතුරු දිග සිරියාවේ ඇලෙප්පෝ ප්‍රාන්තයේ අල් ජිනේ නගරය ආසන්නයේ මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (17) එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 42 දෙනෙක් මියයති.
සන්ධ්‍යාවේ යාඥා මෙහෙය සඳහා බැතිමතුන රැස්වී සිටි අවස්ථාවක ප්‍රහාරය එල්ල වී තිබේ.මෙම දේවස්ථානය,සිරියාවේ කැරලිකරුවන්ගේ බලය සහිත ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ පිහිටා ඇති බව වාර්තාවේ.
තවත් පිරිසක් තුවාල ලබා ඇති බව සිරියානු මානව හිමිකම් නිරීක්ෂකයන් පවසයි.
මෙම ගුවන් ප්‍රහාරය සිරියානු රජයේ හමුදා විසින් එල්ල කරන්නට ඇති බවට විශ්වාස කරයි.

Related posts

ඊශ්‍රායලය දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

බ්‍රිස්බේන් නගරයට දින 3 ක සංචරණ සීමා

Mohamed Dilsad

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට

Editor O

Leave a Comment