දේශීය

නිරෝධායන නීති කැඩුවොත් නීතිය දැඩි වෙයි

(UTV | කොළඹ) – ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 262 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ , එලෙස නීති උල්ලංඝණය කළ පුද්ගලයින් ගමන් කරමින් සිටි වාහන 15ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර පසුගිය ඔක්. 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති  පුද්ගලයින් සංඛ්‍යාව 9850 කි.

ඊයේ (16) බස්නාහිරට ඇතුළු වන හා පිටවන ස්ථාන 14ක දී වාහන 1583ක ගමන් කළ පුද්ගලයින් 3452ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, අද (17) සිට නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Related posts

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

දකුණේ පාතාලයට අයත් ගිනි අවි 12 ක් හෝමාගමදී අල්ලයි

Mohamed Dilsad

වැල්ලේ සුරංගගේ ඥාතියෙකු අයිස් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment