විදෙස්

2022 අවසානය වන තෙක් ඕස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන්නේ නැහැ

(UTV | ඕස්ට්‍රේලියාව) – 2022 වසර අවසානය වන තෙක් ඕස්ට්‍රේලියාවේ දේශ සීමා සියලු රටවල් සඳහා විවෘත කිරීමක් සිදුනොවනු ඇති බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.   

එයද සැළකිල්ලට ගනිමින් අනිද්දා දිනයේදී අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන බව ද අගමැතිවරයා සඳහන් කරයි.

රටවල් රැසක නැවත හිස ඔසවා ඇති කොවිඩ් වසංගත තත්ත්වයෙන් ඕස්ට්‍රේලියාව ගලවා ගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය දේශ සීමා වසා තැබීම බව අගමැතිවරයාගේ ස්ථාවරයයි.

ආරක්ෂාකාරී යැයි හැගුණහොත් පමණක් දේශ සීමා විවෘත කිරීම සිදුකරන බවද එරට මාධ්‍ය ආයතනයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති මොරිසන් සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

Mohamed Dilsad

යලිත් පිපිරීමක් වාර්තා වෙයි

Mohamed Dilsad

ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment