ක්‍රීඩා

මාලිංග යළි ජාත්‍යන්තර පිටියට පැමිණීමේ සූදානමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අතර ඔහුගේ අනාගත ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.  

මාලිංග මේ වන විටත් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවලින් මෙන්ම 20 – 20 ලීග් තරග පිටියෙන් සමුගෙන ඇතත්, 20- 20 ජාත්‍යන්තර තරගවලින් මෙතෙක් සමුගෙන නොමැත.

ඒ අනුව තේරීම් කමිටුව පෙන්වා දෙන්නේ ඉදිරි 20 – 20 තරගාවලි වෙනුවෙන් ඔහුව යොදා ගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ පසුගිය වසරේ දී මාර්තු මාසයේ දී වන අතර, ඉන් අනතුරුව මෙතෙක් කිසිදු තරගයක් සඳහා ක්‍රීඩා කර නොමැත.

 

 

 

Related posts

බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට කෝටි 2ක්

Mohamed Dilsad

නවසීලන්තය – ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය අදයි

Mohamed Dilsad

පළමු තරගයේ පරාජය ගැන ධනංජය කියූ දේ

Mohamed Dilsad

Leave a Comment