විදෙස්

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

(UTV | ඉන්දියාව) – එළඹෙන සඳුදා සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සති 2 ක් වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කරමින් සිටී.   

එම ප්‍රාන්තයේ මහ ඇමති එම්. කේ. ස්ටාලින් ඒ බව නිවේදනය කර ඇත.

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් එම තීරණය ගත් බවද ඔහු පැවසීය.

මේ අතර සති දෙකක කාලයක් සඳහා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය ද වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා උදෑසන 6.00 සිට ලබන 24 වැනිදා උදෑසන 6.00 දක්වා කාලය තුළ එම ප්‍රාන්තය වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත බලධාරීන් දැනුම් දී ඇත.

කර්ණාටක ප්‍රාන්තයේ දිනකට කොවිඩ් -19 ආසාදිතයින් 50,000කට අධික පිරිසක් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි(වීඩියෝ)

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

Mohamed Dilsad

වසරක් තුළ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් අළෙවි කළ රට බවට චීනය පත්වෙයි.

Editor O

Leave a Comment