ක්‍රීඩා

මුරලි සහ මූඩි ආරක්ෂිතව දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ආරක්ෂිතව මෙරටට ළඟා වී ඇති බව වාර්තා වෙයි.   

පසුගිය බ්‍රහස්පතින්දා ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, මේ වන විට ඔහු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද මුරලිදරන්ගේ බිරිද විදෙස් මාධ්‍යයකට සඳහන් කර තිබුණි.

මුත්තයියා මුරලිදරන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට පසුගියදා තීරණය කිරීමත් සමග ඔහු දිල්ලියේ සිට චෙන්නායි නුවර හරහා මෙරටට පැමිණි බව සදහන්.

Related posts

ලෝක ශූරතා කණිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

Editor O

ලෝක ශූර ටෙනිස් ක්‍රීඩිකාවක් ව්‍යායම කරන අයුරු [VIDEO]

Mohamed Dilsad

නවසීලන්තයට ලකුණු 197ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment