දේශීය

කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත්

(UTV | කොළඹ) –කොවිඩ් මර්දන ‘සයිනොෆාම්’ එන්නත සහ ‘ස්පුට්නික් v’ එන්නත මෙරට ජනතාවට ලබාදීම අදත් සිදුකෙරිණි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වු ‘සයිනොෆාම්’ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විද්වත් කමිටු අනුමැතිය හිමිවිය.

එය ජනතාවට කඩිනමින් ලබාදීමේ අරමුණින් ඊයේ (08) දිනයේම එම එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර ආරම්භ වූයේ පානදුර ප්‍රදේශයෙනි.

ඒ අනුව ඊයේ දිනයේදී එන්නත ලබාදුන් පුද්ගලයින් ගණන සියයකි.

අද (09) දිනයේදී පානදුර කඩවීදිය 685 A සහ 685 B යන ග්‍රාමසේවා වසම් දෙකේ 400 දෙනෙකුට එන්නත ලබාදීම සිදුකෙරෙනු ඇත.

එමෙන්ම හොරණ ගුරුගොඩ ග්‍රාම නිලධාරි වසමේ පුද්ගලයින් දහසකටද ‘සයිනොෆාම්’ එන්නත ලබාදීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් 600 දෙනෙකුටත් ‘සයිනොෆාම්’ එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භවිය.

එන්නත්කරණය සිදුකෙරුණේ කිරුලපන ප්‍රදේශයේදීය.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් v’කොවිඩ් මර්දන එන්නත මේ වන විට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්ට ලබාදීම සිදුකෙරේ.

අද එම එන්නත ලබාදුන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාවටය.

Related posts

රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්නට ද කොරෝනා

Mohamed Dilsad

හෝමාගම නගරයෙනුත් කොරෝනා රෝගියෙක්

Mohamed Dilsad

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම්

Editor O

Leave a Comment