Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

වසරක් තුළ වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක් අළෙවි කළ රට බවට චීනය පත්වෙයි.

ඉතිහාසයේ පළමු වතාවට, 2025 වසරේදී ලෝකයේ වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් අලෙවි කළ රට ලෙස ජපානය අභිබවා යන්නට චීනය සමත් වී තිබේ.

මෙය ලෝක මෝටර් රථ කර්මාන්තයේ සිදු වූ දැවැන්ත වෙනසකි.

මේ වසරේදී චීන සමාගම් වාහන මිලියන 27ක් පමණ අලෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර, එය 2024 වසරට වඩා 17%ක වර්ධනයක්. දශක කිහිපයක් තිස්සේ ඉදිරියෙන් සිටි ජපානයට මේ වසරේ අලෙවි කළ හැකි වෙතැයි සැලකෙන්නේ වාහන මිලියන 25ක් පමණක් බව සදහන් වේ.

විශ්ලේෂකයන් පවසන්නේ චීනයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම, එරට ඇතුළත ඇති ඉහළ ඉල්ලුම සහ ජාත්‍යන්තර වෙළඳපොළ ආක්‍රමණය කිරීමට ඔවුන් දරන දැඩි උත්සාහය නිසා මෙම ජයග්‍රහණය ලැබුණු බවයි. විදුලි බලයෙන් ක්‍රියා කරන (EV) මෙන්ම සාමාන්‍ය වාහන අංශයෙන්ද චීනය ලබා ඇති මෙම දියුණුව ලෝක මෝටර් රථ වෙළඳපොළේ නව යුගයක ආරම්භයක් ලෙස සැලකේ

Related posts

பிரபல ஊடகவியலாளர் கொலை

Mohamed Dilsad

புதிய மருத்துவ அதிகாரிகள் சங்கமும் சைட்டத்துக்கு எதிர்ப்பு

Mohamed Dilsad

150 இற்கும் மேற்பட்ட ஐ.எஸ். பயங்கரவாதிகள் சரண்

Mohamed Dilsad

Leave a Comment