දේශීය

නැවත දැනුම් දෙන තුරු අවලංගු කළ දුම්රිය ගමන්වාර

(UTV | කොළඹ) – රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් අද (06) සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් සහ දුම්රිය මගීන් ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ.

ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ – ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දේ.

මීට අමතරව කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ අඹේපුස්ස, කොළඹ පානදුර, ගාල්ල – අලුත්ගම සහ අලුත්ගම – ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව පවසයි.

Related posts

2022 වසරේ උසස් පෙළට 17 වනදා සිට උපකාරක පංති පැවැත්වීම තහනම්!

Mohamed Dilsad

කංසාවලින් රටේ ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? – ඇඩික් ආයතනය ප්‍රශ්න කරයි

Editor O

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment