දේශීය

නැවත දැනුම් දෙන තුරු අවලංගු කළ දුම්රිය ගමන්වාර

(UTV | කොළඹ) – රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් අද (06) සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් සහ දුම්රිය මගීන් ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලබන්නේ.

ඒ අනුව අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ – ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දේ.

මීට අමතරව කොළඹ – වේයන්ගොඩ, කොළඹ – මීරිගම, කොළඹ අඹේපුස්ස, කොළඹ පානදුර, ගාල්ල – අලුත්ගම සහ අලුත්ගම – ගාල්ල දුම්රියන් කීපයක් ද අවලංගු කළ බව පවසයි.

Related posts

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

Editor O

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

Leave a Comment