ක්‍රීඩා

ක්‍රිකට් තරගාවලිය අහිමි වෙන බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනා

(UTV|බංග්ලාදේශ ) – ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ට සහ මුෂ්ටර්ෆිසූර් රෙහමාන්ට සූදානම්වීමට කාලයක් නොමැති බව වාර්තා කරයි.

එයට හේතුව වන්නේ බංග්ලාදේශ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව දින 14ක කාලයක් නිරෝධායනය වීම අතවශ්‍ය බවයි .

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ නිරෝධායන කාලය සීමා කරදෙන ලෙසට එරට ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප වී ඇති බව තහවුරු වේ.

ඉන්දියාවේ සිට බංග්ලාදේශ දක්වා ගුවන් ගමන් සිදු නොවන අතර ඔවුන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී බංග්ලාදේශය වෙත ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සලසන බවට මාධ්‍ය වාර්තා වල සඳහන් කරයි.

 

Related posts

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

2020 යුරෝපා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට

Mohamed Dilsad

එක්දින නායකත්වය උපුල් තරංගට ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට

Mohamed Dilsad

Leave a Comment