විදෙස්

බිල් ගේට්ස් වසර 27 ක විවාහ දිවිය අවසන් කරයි [PHOTOS]

(UTV | ඇමරිකාව) – මයික්‍රසොෆ්ට් නිර්මාතෘ වන බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් දික්කසාද වීමට තීරණය කළ බව නිවේදනය කර ඇත.   

වසර 27 ක යුග දිවියක් ගත කළ දරුවන් තිදෙනෙකුගේ මාපියන් වන ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් එක්ව ජීවත්වීමට නොහැකි බවයි.

ඇමෙරිකාවේ ‘ෆෝබ්ස්’ සඟරාවට අනුව, ලොව සිවුවැනි කෝටිපතියා ලෙස සැලකෙන්නේ බිල් ගේට්ස්ය. මයික්‍රොසොෆ්ට් සමාගම පිහිටුවා, පරිගණක ලොව පෙරැළියක් කළ දැවැන්තයා ලෙස සැලකෙන්නේ ද බිල් ගේට්ස්.

‘අප දෙදෙනා හුඟක් කතාබහ කරලා දික්කසාද වෙන්න තීරණය කළා’ යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

‘අප දරු තිදෙනකුගේ ආදරණීය මාපියන්. ලෝකවාසීන්ගේ යහපත වෙනුවෙන් අප දෙදෙනා එක්වී පිහිටවූ පදනමට බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කිරීමට හැකිවුණා. ලෝකය වෙනස් කිරීමට අපට හැකිවුණා. දැන් අප වසර 27 ක විවාහ ජීවිතය අවසන් කරනවා’ යැයි යුවළ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම යුවළ එක්ව නිර්මාණය කළ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ලොව පුරා බොහෝ සුබසාධන කටයුතු සඳහා සහය ලබාදී ඇති අතර, කොවිඩ් 19 පරීක්ෂාවන් අඩු වියදමකින් සිදුකිරීම සඳහා බිල් සහ මෙලින්ඩා පදනම මූල්‍යාධාර ද සපයා ඇත.

 

 

Related posts

එක් දිනක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 4,000 ක්

Mohamed Dilsad

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

Mohamed Dilsad

මැලේසියාව හෙට සිට මුළුමනින්ම වසා දැමෙයි

Mohamed Dilsad

Leave a Comment