විදෙස්

මැලේසියාව හෙට සිට මුළුමනින්ම වසා දැමෙයි

(UTV | මැලේසියාව) – කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා මැලේසියාව හෙට (30) සිට මුළුමනින්ම වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යාසිම් ප්‍රකාශ කරයි.    

ඒ අනුව සුපිරි වෙළඳසැල්, ඔසුසැල් ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් හැරුණු කොට සියලු ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් සති දෙකකට වසා තැබෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය ජනවාරි මාසයේ සිට මැලේසියාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, මීට පෙර පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන තිබුණි.

ගතවූ පැය විසි හතර තුළ එරට නව ආසාදිතයන් 9,020 දෙනෙක් සහ මරණ 98 ක් අලුතින් වාර්තා වී ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30 ක් මරුට..

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට අදාළ ඇමෙරිකානු තීරු බදු ප්‍රතිශතය සියයට 20% දක්වා අඩු කරයි

Editor O

අද පාකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගය

Mohamed Dilsad

Leave a Comment