විදෙස්

මෝදිගේ පක්ෂය කොරෝනා ව්‍යසනයේ වගනීම භාරගනී

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනය පිළිබඳ වගකීම රජය භාරගන්නා බව අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නරේන්ද්‍ර තනේජා අද ප්‍රකාශ කළේය. 

ඒ, ඉන්දියාවේ පුද්ගලයන් මිලියන විස්සකට ආසන්න පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරුව තවත් දෙලක්ෂ 18,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති පසුබිමකයි.

මේ අතර ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ රජයේ රෝහලක ඔක්සිජන් නොමැතිව කොරෝනා රෝගීන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වනවිට ඉන්දියාවේ ඇතැම් රෝහල්වල රෝගීන්ට ඇඳන් නොමැතිව කාඩ්බෝඩ් මත වැතිරී සිටීමට සිදුව ඇති අතර, ඖෂධ හිඟයක්ද පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related posts

සිවිල් යුද්ධයෙන් සිදු වූ වැඩිම ළමා මරණ 2016 වසරේදී

Mohamed Dilsad

ඉන්දියාවේ 73 වන ජාතික නිදහස් දිනය අදයි.

Mohamed Dilsad

චීනයේ ධනවත්ම මිනිසා වන අලිබාබා අතුරුදහන්

Mohamed Dilsad

Leave a Comment