විදෙස්

ඉන්දියාවේ 73 වන ජාතික නිදහස් දිනය අදයි.

(UTV| කොළඹ) – ඉන්දියාවේ 73 වන නිදහස් දිනය අද (15) දිනට යෙදී තිබේ.

නවදිල්ලියේ පිහිටි රතු බලකොටුවේදී පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරු 7.30 ට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

එතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන අඛණ්ඩ හය වන නිදහස් දිනය අද වන අතර එතුමා සිය දෙවන ධුර කාලයේ පළමුවන නිදහස් දින කතාව අද (15) පැවැත්වීමට නියමිතයි .

මෙවර උත්සවය සඳහා පාසැල් දරුවන් වැඩි වශයෙන් සහභාගි කර ගැනීමටත් නියමිතව ඇති බව වාර්තා වේ.

ඉන්දියාව මෙවර නිදහස් දිනය සමරනුයේ ජම්මු කාශ්මීරය මුල්කරගනිමින් පාකිස්ථානය සමග මතබේදය වඩාත් උත්සන්න වී ඇති පසුබිමක වන අතර ඒ වෙනුවෙන් රට පුරා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමර්සන් ලැව්ගින්න නිවීමට G7 ලබාදෙන ආධාර බ්‍රසීල රජය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයි

Editor O

බොර තෙල් මිල පහළ ට

Editor O

Leave a Comment