විදෙස්

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ තුර්කිය වසා දමයි

(UTV | තුර්කිය) – කොවිඩ් -19 සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ අද (29) සිට මැයි 17 වනදා දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි රජය තීරණය කළේය.   

මීට පෙර තුර්කියට සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරිනීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ ‌මෙලෙස රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළ බව තුර්කි රජය කියා සිටී.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ්‍ය කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවෙස්වලින් බැහැර යාමට අවසර හිමි නොවන බව විදෙස් මාධ්‍ය වර්තා කළේය.

මීට අමතරව හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරතවන්නන් වැනි සීමාසහිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකි බව සඳහන් වේ.

නගර අතර ගමන් කිරීම සඳහා අදාළ අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත් සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරන බවත් තුර්කි රජය නිවේදනය කරයි.

Related posts

ඕස්ට්‍රේලියා – නවසීලන්ත සංචාරක බුබුලේ ආරම්භය අප්‍රේල් 6

Mohamed Dilsad

ප්‍රංශ මහ මැතිවරණයේ සෙන්ටි‍්‍රස් පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

Mohamed Dilsad

Leave a Comment