දේශීයව්‍යාපාරික

ලංකා බැංකුවේ ශාඛා විසිතුනක් වහයි

(UTV | කොළඹ) – පවතින සෞඛ්‍ය නියමයන්ට අනුව අද (28) දින සිය බැංකු ශාඛා 23 ක් වසා තබන බව ලංකා බැංකුව පවසයි. 

ලංකා බැංකුව සිය නිල ෆේස්බුක් ගිණුම හරහා තම ගනුදෙනුකරුවන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව මේ බව සඳහන් කර සිටී.

ඒ අනුව බස්නාහිර පළාතේ හොරණ, රත්මලාන , ගුරුගොඩ, ඉංගිරිය, ගොතටුව සහ වැලිවේරිය යන ශාඛා ද, මධ්‍යම පළාතේ දිගන සහ මහනුවර මහ රෝහල ශාඛාවද , උතුරුමැද පළාතේ රඹෑව ද , සබරගමුව පළාතේ කිතුල්ගල ද , වයඹ පලාතේ වාරියපොළ සහ නිකවැරටියද , දකුණු පළාතේ ගාල්ල අධිශ්‍රේණි ශාඛාව, ඉමදූව, යක්කලමුල්ල, බෙලිඅත්ත, හම්බන්තොට, මිද්දෙණිය ශාඛා ද සහ ඌව පළාතේ බුත්තල, ඇතිලිවැව, හපුතලේ, මොණරාගල සහ බදුල්ල ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානය අද දින වසා තැබෙන බව ලංකා බැංකුව සිය නිවේදනයෙන් කියා සිටී.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී සිය ශාඛාවන් විවෘත කෙරෙන වේලාවන් වෙනස් විය හැකි බවද ලංකා බැංකුව සිය නිවේදනයෙන් සඳහන් කරයි.

Related posts

අලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

විපක්ෂ නායකවරයා සහ බිරිඳ රෝහලෙන් නික්මෙයි

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

Leave a Comment