ක්‍රීඩා

දිමුත් සහ ධනංජය ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන රැසකින් ඉදිරියට

(UTV | කොළඹ) – නවතම ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.  

ඊට අනුව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන කිහිපයකින්ම ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, බංග්ලාදේශයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 244 ක් රැස් කළ දිමුත්, ශ්‍රේණිගත කිරීම්හි 15 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ සමස්ත ප්‍රසාද ලකුණු 676 කට හිමිකම් කියමින්.

අදාළ තරගයේ දී ලකුණු 166 ක් රැස් කළ ධනංජය ද සිල්වා ප්‍රසාද ලකුණු 601 ක් සමගින් 28 වන ස්ථානයේ මේ වන විට රැදී සිටියි. මීට පෙර ඔහු රැදී සිටියේ 35 වන ස්ථානයේ යි.

Related posts

පළමු ටෙස්ට් තරඟයේ 4 වන දිනය අදයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment