දේශීයව්‍යාපාරික

මෙරට තේ කර්මාන්තයේ ප්‍රකෘතිමත්වීමක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ මෙරට තේ කර්මාන්තයේ ප්‍රකෘතිමත්වීමක් වසරේ පළමු කාර්තුවේදී දක්නට ලැබෙන බව තැරැව්කාර සමාගම් පවසයි.  

මාර්තු 31 වනදායින් අවසන් වූ පළමු කාර්තුවේ දී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 74.03 ක් ලෙස සටහන් වන අතර, එය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන විස්සයි දශම තුනයි පහක වැඩිවීමක්.

තුර්කිය මෙරට තේ නිෂ්පාදන වැඩි වශයෙන්ම මිලදී ගත් රට ලෙස සටහන් වන අතර, ඉරාකය, රුසියාව සහ චීනය ඊළඟට වැඩියෙන්ම මෙරට තේ නිෂ්පාදන මිලදී ගත් රටවල්.

මෙරට තේ මිලදී ගැනීම අතින් සිව්වන තැන සිටි ඉරානය දැන් 9 වන ස්ථානයට පත්ව ඇති අතර, අසර්බයිජානය, ලිබියාව, සිරියාව, සෞදි අරාබිය, චිලී සහ ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කළ තේ ප්‍රමාණයද පළමු කාර්තුවේදී පහත වැටුණි.

කෙසේ නමුත් චීනය වෙත සිදුකළ අපනයනයන් එහිදී 161 % කින් ඉහළ ගොස් ඇත.

Related posts

දිල්රුක්ශි ඩයස්ට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

මැණික්හින්න නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පැය 48ක් තුළ රිය අනතුරුවලින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment