දේශීය

පැය 48ක් තුළ රිය අනතුරුවලින් 30 දෙනෙකු ජිවිතක්ෂයට

(UTV | කොළඹ) –  ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඊයේ දිනයේදී පමණක් සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 12 දෙනෙකුම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය බදාදා සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 14 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව 74 දෙනෙකු තුවාල ලැබූ බවත් ඊයේ සිදුවූ අනතුරු නිසා තවත් 80 දෙනෙක් තුවලා ලබා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Related posts

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

පාර්ලිමේන්තුවට, තමන්ගේ සහතික පෙන්වීම තුට්ටු දෙකේ වැඩක් – හිටපු කතානායක ආචාර්යය අශෝක රංවල

Editor O

ජනවාරියේ විදුලි බිලට සහනයක්

Mohamed Dilsad

Leave a Comment