දේශීය

දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය අත්හිටුවයි

(UTV | කොළඹ) –  මෙරට දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම පක්ෂ වල විවිධ තනතුරු සදහා පුද්ගලයින් කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ නීතිමය ගැටලූ රැසක් මතුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබීම ඊට හේතුවයි.

එලෙස අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වූ පක්ෂ වලට අදාල නෛතික කටයුතු අවසන් වනතෙක් එම පක්ෂ තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කලේ.

ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණ සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බවද ඔහු සදහන් කලා.

Related posts

ආපදාවෙන් දේපළ හානි වූ ජනතාව වෙනුවෙන් පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමිගෙන් ඉඩම් පරිත්‍යාගයක්

Editor O

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි

Mohamed Dilsad

බැඳුම්කරේ වගකීම කාගෙද…? හිටපු ඇමති රවී කරුණානායකගෙන් ප්‍රකාශක්

Editor O

Leave a Comment