දේශීය

දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය අත්හිටුවයි

(UTV | කොළඹ) –  මෙරට දේශපාලන පක්ෂ 06 ක ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එම පක්ෂ වල විවිධ තනතුරු සදහා පුද්ගලයින් කිහිපදෙනෙකු ඉදිරිපත්වීම හමුවේ නීතිමය ගැටලූ රැසක් මතුවීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබීම ඊට හේතුවයි.

එලෙස අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වූ පක්ෂ වලට අදාල නෛතික කටයුතු අවසන් වනතෙක් එම පක්ෂ තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කලේ.

ඒ අනුව අදාළ නීතිමය කටයුතු අවසන් වනතෙක් එම පක්ෂවලට මැතිවරණ සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි නොවන බවද ඔහු සදහන් කලා.

Related posts

ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය ගැන තවත් පාර්ශ්වයකින් චෝදනා

Mohamed Dilsad

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 700 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment