විදෙස්

ඔක්සිජන් නොමැතිව දිල්ලියේ මියයන කොවිඩ් රෝගීන් ගණන ඉහළ යයි

(UTV | ඉන්දියාව) – අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ඔක්සිජන් හිඟය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් 25 දෙනෙකු මියයාමේ සිද්ධියක් දිල්ලියේ ජායිපූර් ගෝල්ඩන් රෝහලෙන් වාර්තා විය.

ඔක්සිජන් හිඟයෙන් ඉන්දියාවේ කොරෝනා රෝගීන් මියයාමේ සිද්ධීන් මීට පෙරද වාර්තාවූ අතර, දිල්ලියේ මූල්චාන්ද් රෝහල සඳහන් කළේ කඩිනමින් ඔක්සිජන් නොලැබුණහොත් වෙන්ටිලේටර් යන්ත්‍රවලට සවි කර සිටින කොරෝනා රෝගීන් 130 දෙනෙකුගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි.

මේ වන විට ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ළඟා වී තිබේ.

ඉන්දීය වාර්තා අනාවරණ කළේ, නාග්පූර්හිදී දුම්රියේ ටැංකි 7 න් 3 ක් ප්‍රාන්තයේ රෝහල්වල භාවිතය සඳහා මුදාහැර ඇති බවයි.

එක් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 කි.

ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් ඇත.

ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි.

Related posts

චීනයෙන් ඇමරිකානු භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පනවයි.

Mohamed Dilsad

සඳ මත ජලය සෙවීමට සැලැස්මක්

Mohamed Dilsad

ඉන්දියාවේ බන්ධනාගාරයක රැඳවියන්ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment